Mudaliwatta village is located in the Yatinuwara Divisional Secretariat of Kandy district, 1.5 km away from Kadugannawa. The Faculty of Management Studies at the University of Sabaragamuwa was conducted research on the potential of developing this area as a community-based tourism village. It has been identified that this village has a high potential in terms of geographical location and values, culture, mountain tourism activities, and the natural beauty of this area.

The opening ceremony of Mudaliwatte as a community-based tourism village was held on November 24, 2023, at Mudaliwatte village, Kadugannawa. The event was organized by the Central Provincial Department of Trade, Commerce, and Tourism with the collaboration of the University of Sabaragamuwa. The president of the COPE committee, Mr. Ranjith Bandara, professor A.S.M. Azlam, Divisional Secretariat, Yatinuwara, Provincial Housing Commissioner, and Director of Central Province Department of Trade, Commerce, and Tourism participated in this special event.

 

tourism

tourism

tourism

tourism

tourism

tourism

 

මුදලිවත්ත ගම්මානය කඳුකර ප්‍රජා සත්කාර ගම්මානයක් ලෙස සංවර්ධනය කිරී‌මේ ව්‍යාපෘතිය

 

මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි  මුදලිවත්ත ගම්මානය, කඩුගන්නවේ සිට කි.මී. 1.5ක් දුරින් පිහිටා ඇත. ඓතිහාසික වශයෙන් මෙන්ම ස්වභාවික සෞන්දර්යෙන්ද යුත් මෙම ප්‍රදේශය පිළබඳ සබරගමු විශ්වවිද්‍යාල‌යේ කළමණාකරන අධ්‍යන පීඨය විසින් කඳුකර ප්‍රජා සත්කාර ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමට ඇති හැකියාව පිළිබඳ  පර්යේෂණයක් සිදු කරන ලදී. මෙම ගම්මානයේ භූගෝලීය පිහිටීම හා ඓතිහාසික වටිනාකම්, සංස්කෘතිය, කලාව මෙන්ම කදුකර සංචාරක ක්‍රියාකාරකම් සිදු කිරීම පිළිබඳ ඉහළ ශක්‍යතාවක් පවතින බව හදූනාගෙන ඇත.

ඒ අනුව, මධ්‍යම පළාත් වෙළඳ, වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව හා සබරගමු විශ්වවිද්‍යාල‌යේ කළමණාකරන අධ්‍යන පීඨය හා එක්ව මුදලිවත්ත ආශ්‍රිත කලාපය කඳුකර ප්‍රජා සත්කාර ගම්මානයක් ලෙස නිල වශයෙන් හඳුන්වා දීමේ වැඩසටහන හා විවෘත කිරීම 2023.11.24 දින මධ්‍යම පළාත් වෙළඳ වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව හා සබරගම් විශ්වවිද්‍යාලයේ සංවිධාකයෙන් කඩුගන්නාව මුදලිවත්ත ගම්මානයේදී පැවැත්විණි.

මේ සඳහා පාර්ලිමේන්තු කෝප් කම්ටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා, සබරගමු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඒ.එස්.එම්.අස්ලම් මහතා, යටිනුවර ප්‍රදේශීය ලේකම්තුමන්, පළාත් නිවාස කොමසරෙිස්තුමිය මධ්‍යම පළාත් වෙළඳ, වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තු අධ්‍යක්ෂතුමන් ඇතුලු පිරිසක් සහබාගී විය.

More News